අධ්‍යාපනයේ නව්‍යකරණය

අධ්‍යාපන නව්‍යකරණයේ නවමු අත්දැකීම

කුරුණෑගල වයඹ නැණසල තොරතුරු තාක්ෂණ ආයතන ජාලයේ ප්‍රධාන ග්‍රාමිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් වන ගිරිඋල්ල නැණසල ආනය ඊයේ දිනයේ එනම් 2020 මැයි 11 වන දින සිය ගමන්මගේ නව පරිච්චේදයක් ආරම්භ කරන්නට යෙදුනි.

පවතින ගෝලීය වසංගත තත්වය හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව ද සමාජ දුරස්ථ කරනයට මුල්තැනක් දී ඇති මොහොතක අනෙකුත් ‍ක්ෂේත්‍ර මෙන්ම අධ්‍යාපන ක්ෂෙත්‍රය දැඩි අවදානමට ලක්ව ඇත. පාසල් විශ්වවිද්‍යාල හා අනෙකුත් ආයතන වසා දමා මේ වන විට මාස දෙකකට ආසන්නය. නාගරික ප්‍රදේශවල ජීවත්වන සිසුන් සට එතරම්ම එය බලපැමක් සිදුවූවායැ කියන්නට බැරිය. ප්‍රධානපෙලේ පාසල් හා අධ්‍යාපන ආයතන විවිධ ක්‍රම ඔස්සේ සිසුන්ට අධ්‍යපණ කටයුතු නිවසේ සිට අකණ්ඩව කරගෙන යාමට අවශ්‍ය  පසුබිම නිර්මාණය කර ඇති බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුනි.

එහෙත් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දුවා දරුවන්ද මේ තාක්ෂණය හමුවේ හුදකලාවන්නට නොදීමට අපට කළ හැකි දේ අප උපරිමයෙන් ඉටු කිරීම සඳහා කැපවී සිටිමු. එහි ප්‍රථිපලයක් ලෙස අප වර්තමානයේ ලෝකයේ භාවිතා කරන ඉහළම පිළිගත් තාක්ෂණයක් වන Microsoft Teams ඔස්සේ ගිරිඋල්ල නැණසල ආයතනයේ අධ්‍යාපණය හදාරන දුවා දරුවන් උදෙසා IT යහමග වැඩසටහන Microsoft Teams Online තාක්ෂණය ඔස්සේ සිදුකරන්නට යෙදුනි. සිසුන් 55 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ මෙම වැඩසටහන ප්‍රථම අධියරේදීම 100% ක්ම සාර්ථක වීම සුවිශේෂි කරුණකි.

Facebook ආයතනයේ අනුග්‍රහයෙන් මෙම IT යහමග වැඩසටහන මෙහෙවනු ලබන්නේ ජාතික සර්වෝදය ව්‍යාපාරයේ අධ්‍යාපන ඒකකය වන සර්වෝදය Fusion ආයතනයයි. එම ආයතනය මෙම IT යහමග වැඩසටහන අධ්‍යාපණ අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ 2007 වර්ෂයේ සිට මේ දක්වා පාසල් සිසුන් 75000 කට ආසන්න ප්‍රමාණයකට තොරතුරු තාක්ෂණය අධ්‍යාපණයට භාවිතා කරන ආකාරය හා අනාගත දියුනුව උදෙසා මෙන්ම ආරක්ෂාකාරීව අන්තර්ජාලය භාවිතය පිළිබඳ දැණුම ලබා දී ඇත.

අප වයඹ නැණසල ජාලය සර්වෝදය Fusion ආයතනය හා අත්වැල් බැඳගන්නේ වර්ෂ 2012 දීය එතැන් පටත් මේ දක්වා කාලය තුළ ගමට තාක්ෂණය ගෙනඑ්මේ වැයම සාර්ථක කරන්නට එම ආයතනය ලබා දුන් අත්වැල කියා නිම කළ නොහැක. වසර 10ක් ගෙවීයන මේ මොහොතේ ද ඒ සමාජීය වනෙස ඇතිකරන්නට අපට ශක්තිය දුන් සර්වෝදය Fusion ආයතනයට අපගේ ස්තුය පිරිනමමි.

 

 

1 thought on “අධ්‍යාපනයේ නව්‍යකරණය”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *