IT යහමඟ- මාකදුර නැණසල

වයඹ නැණසල ජාලයේ තවත් එක් මධ්‍යස්ථානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටුවා ඇති මාකඳුර නැණසල ආයතනය මගින් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම්කල දුවා දරුවන් වෙනුවෙන් අද දින (2020.06.09)  තොරතුරු තාක්ෂණයේ යහමඟ කියන “ITයහමඟ” වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුනි.

මෙම වැඩසටහන තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන දුවා දරුවන් වශයෙන් තමාගේ දියුණුව සඳහා අන්තර්ජාලය භාවිතා කරන අන්දම, ලෝකය තුළ ගොඩනැගෙන නව දැනුම ඍජුව ම ඉගෙන ගන්නා ආකාරය, අනාගත අභියෝග හමුවේ තොරතුරු තාක්ෂණය මත පදනම් ව තමජීවිතය ජය ගන්නා ආකාරය, රාජ්‍ය ආයතන මගින් සිදුකරගන්නා කාර්යන් පිළිබඳ තොරතුරු දැනගැනීම හා අන්තර්ජාල සේවාවන් ලබාගන්නා අන්දම, ව්‍යාපාරික කටයුතු උදෙසා අන්තර්ජාල භාවිතය මෙන්ම ආරක්ෂා කාරි සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ව මෙම වැඩසටහන තුළ දී සාකච්ඡා කරන්නට යෙදුනි.

මාකදුර නැණසල ආයතනය මුල්කරගනිමින් පවත්වන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන සිසුන් 40කගේ සහභාගීත්වයෙන් මාකදුර නැණසල ආයතනයේ ක්‍රියාකාරිණී දිවිනා සංකල්පනී මෙනවියගේ සම්බන්ධී කරණයෙන් සර්වෝදය Fusion ආයතනයේ මෙහෙයවීමෙන්  සාර්ථකව සිදු කරන්නට යෙදුනි.

වැඩසටහන සඳහා සර්වෝදය Fusion ආයතනයේ සමාජ ව්‍යවසායකත්ව කළමනාකරු මධුෂාන් විජේරත්න මහතා, ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරිනී සහ අධ්‍යාපන සම්බන්ධීකාරක දේශිකා විදානපතිරන මහත්මිය, තාක්ෂණික උපදේශක නිශ්ෂංක ද සිල්වා මහතා යන මහත්ම මහත්මීන් වැඩසටහන සඳහා සර්වෝදය Fusion ආයතනය වෙනුවෙන් සම්බන්ධ විය. වයඹ නැණසල ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි සහර්ෂ සඳරුවන් මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *