ITFC පාඨමාලාව

Information Technology Foundation Course

විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන විද්‍යාර්ථයින් විවිධ පරිගණක පාඨමාලාවන් හදාරා ඇති මුත් තොරතුරු තාක්ෂණ දැනුම අවම මට්ටමක පවතින බව සමීක්ෂණ වලින් හෙලිවී ඇත. සැබැවින් ම ඔබ ද මේ වන විටත් අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් පසුව පරිගණක පාඨමාලාවක් හදාරා තිබෙනවා විය හැක. නමුත් ඔබට පරිගණකයක් භාවිතා කර ඔබගේ අධ්‍යයන කටයුතු වලට අදාළ කාර්යයන් තනිව කර ගත හැකි ද?…..

වර්තමානය වන විට සෑම වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් ම තොරතුරු තාක්ෂණය මත පදනම් ව ඇත්තා සේම අධ්‍යාපනය ද තොරතුරු තාක්ෂණය මත පදනම් ව ගොඩනැගෙමින් පවතින බව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. පසුගිය කොරෝනා වසංගත තත්වයෙන් පසු මෙහි අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට වූයෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය මත පදනම්ව ක්‍රියාත්මක කරන බව ඔබ මේ වන විටත් නොදන්නවා නොවේ.  ඒ අනුව ඔබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පුරවැසියකු බවට පත්වීම අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත. නැතහොත් තාක්ෂණය හමුවේ ඔබ අසරණ වනු ඇත. ඔබට විවිධ කාර්යයන් සිදුකර ගැනීමේ දී තවකෙකුගේ පිහිට පැතීමට සිදු වනු ඇත.

ඒ අනුව ඊට පිළියමක් වශයෙන් අප විසින් හඳුන්වා දෙන ITFC පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් පසු වන ඔබ සඳහා ම සැකසුණ පරිගණක පාඨමාලාවකි. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔබ දැනගත යුතුම තොරතුරු තාක්ෂණ හා පරිගණක දැනුම අන්තර්ගතයන් එක් කොට සැකසුණු විෂය කොටස් ගණනාවකින් යුක්ත වේ. ඒ අතර Microsoft word 2013 ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් නිබන්ධන සැකසීම (Assignment) , Presentation ඉදිරිපත් කිරීම, සිංහල Typesetting, Internet සහ සමාජ මාධ්‍ය භාවිතය ආදීය මෙන් ම පෙර පාඨමාලාවක දී ඉගෙන නොගත් බොහෝ දේ පාඨමාලාවේ අන්තර්ගත වේ.

2020 සැප්තැම්බර් 22 වන දින පාඨමාලාව ආරම්භ වන අතර සෑම අඟහරුවාදා දිනකම පෙ.ව. 08.30 සිට 12.30 දක්වා එක් කණ්ඩායමක් සඳහා සහ මධ්‍යහන 12.30 සිට 4.30 දක්වා දෙවන කණ්ඩායම සඳහා පාඨමාලාව පැවැත්වේ. පාඨමාලා කාලය මාස 04 කි. සීමිත පිරිසක් පමණක් ඇතුළත් කර ගන්නා බැවින් ඔබගේ පැමිණීම 2020/09/14 වන සඳුදා දිනට පෙර ඇමතුමක් ලබා දී තහවුරු කළ යුතුය. මෙම පාඨමාලාව සඳහා පරිපාලන වියදම් වශයෙන් රු.16,000.00ක මුදලක් (වාරික 04කින් ගෙවිය හැක) අය කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *