Now’s the Time to Join the Gig-Economy

Now’s the Time to Join the Gig-Economy

මේ නිදහස් වෘත්තීය ආර්ථිකයට ප්‍රවේශ විය යුතු කාලයයි.

මෙම මාතෘකාවත් සමඟ ඔබට ඇතිවෙන පළමු ගැටලුව නම් කවුරුන්ද මේ නිදහස් සේවකයින් යන්න්යි. නිදහස් සේවකයින් යනුවෙන් හදුන්වන්නේ අන්තර්ජාලය ඔස්සේ සේවා සැපයීම සඳහා පූර්ණ කාලීන හෝ තාවකාලිකව සේවයේ නියැලී සිටින පිරිසයි. දෙවනුව ඔබට ඇතිවන ගැටලුව නම් ‍ඉතින් මොනවද කරන්නේ ඒ අය. මෙම නිදහස් සේවකයින් ලෝකය පුරා විහිදි විසිරි සිටිනව ඔවුන් ඔවුන්ටම අනන්‍ය වූ හැකියාවන් මත පදනම්ව විවිධ සේවාවන් සපයනු ලබනව. ඔබේ දැනගැනීම සඳහා ඒවා කිහිපයක් පහතින් දක්වමි.

PHP, HTML, WordPress, JavaScript, Software Architecture…

PHP, HTML, වර්ඩ්ප්‍රෙස්, ජාවාස්ක්‍රිප්ට්, මෘදුකාංග ගෘහ නිර්මාණ ශිල්පය …

 

Mobile App Development, Android, iPhone, iPad, Kotlin…

ජංගම යෙදුම් සංවර්ධනය, ඇන්ඩ්‍රොයිඩ්, අයිෆෝන්, අයිපෑඩ්, කොට්ලින් …

Article Writing, Content Writing, Copy Typing, Copywriting, Article Rewriting…

ලිපි ලිවීම, අන්තර්ගත ලිවීම, පිටපත් ටයිප් කිරීම, පිටපත් ලිවීම, ලිපි නැවත ලිවීම …

Website Design, Graphic Design, Photoshop, CSS, Logo Design…

වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය, Photoshop, CSS, ලාංඡනය නිර්මාණය …

Data Entry, Excel, Data Processing, Web Search, Virtual Assistant…

දත්ත ඇතුළත් කිරීම, එක්සෙල්, දත්ත සැකසීම, වෙබ් සෙවීම, අන්තර්ජාලය ඔස්සේ සහාය දැක්වීම

Engineering, Electrical Engineering, Electronics, Machine Learning (ML), AutoCAD…

ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික, යන්ත්‍ර භාෂා ඉගෙනුම් , ඔටෝ කැඩ් …

Product Design, Amazon, Supplier Sourcing, 3D Printing, Manufacturing…

නිෂ්පාදන සැලසුම්, ඇමේසන්, මූලාශ්‍ර සැපයුම්කරු, ත්‍රිමාණ මුද්‍රණ, නිෂ්පාදන …

Internet Marketing, Marketing, Social Media Marketing, Facebook Marketing, Sales…

අන්තර්ජාල අලෙවිකරණය, අලෙවිකරණය, සමාජ මාධ්‍ය අලෙවිකරණය, ෆේස්බුක් අලෙවිකරණය, විකුණුම් …

Dropshipping, Parcel Delivery, Delivery, Import/Export, Logistics…

භාණ්ඩ නැවත විකිණීම, පාර්සල් බෙදා හැරීම, බෙදා හැරීම, ආනයනය / අපනයනය, ලොජිස්ටික්ස් …

Business Plans, Accounting, Business Analysis, Finance, Project Management…

ව්‍යාපාර සැලසුම්, ගිණුම්කරණය, ව්‍යාපාර විශ්ලේෂණය, මූල්‍ය, ව්‍යාපෘති කළමනාකරණය …

English (US), English (UK), English Grammar, Spanish, German…

ඉංග්‍රීසි (එක්සත් ජනපදය), ඉංග්‍රීසි (එක්සත් රාජධානිය), ඉංග්‍රීසි ව්‍යාකරණ, ස්පාඤ්ඤ ,ජර්මානු …

Local Job, General Labor, Teaching/Lecturing, Drafting, Painting…

දේශීය රැකියා, සාමාන්‍ය ශ්‍රමය, ඉගැන්වීම / දේශන, කෙටුම්පත් කිරීම, චිත්‍ර ඇදීම …

මෙකී යම් හැකියාවක් ඔබ සතුව තිබේනම් ඔබටද පහසුවෙන් නිදහස් වෘතිකයෙක් වීමට හැකියාව ලැබේ. ඔබේ සේවාව වීශ්වීය කරණය කළ හැකිය.

මීලඟට ඔබට ඇතිවන ගැටලුව නම් මගේ හැකියාව නැතහොත් මගේ සේවාව සපයන්නේ කෙසේද යන්නයි. ඔව්.. ඒ සඳහා ලොව ජනප්‍රිය වෙබි අඩවි ගණනාවක් ඇත ඒවායින් කිහිපයක් පහත දක්වමි.

මෙම වෙබ් අඩවි වලට ප්‍රවේශ වී ඒවායෙහි සේවා සපයන්නකු ලෙස ලියාපදිංචි විය යුතුය. ඒ පිළිබඳ අමුතුවෙන් විශාල මුදලක් ගෙවමින් පාඨමාලා කල යුතු වන්නේ නැත. මේ සෑම දෙයක් පිළිබඳවම යූටියුබි හි වීඩියෝ ඕනෑ තරම් ඇත. ඒ අනුව ඔබ සපයනු ලබන සේවාව අනුව ගෙවිය යුතු මුදල ඔබටම තිරණය කළ හැකිය. ඉහත සඳහන් වෙබ් අඩවි හරහා සේවා ලබාගන්නා සේවා යෝජකයින් 47,900,000 වඩා වැඩි සංඛ්‍යවක් ලොව පූරා සිටියි.

මෙම වසර මුලදී, ලොව පුරා නිදහස් සේවකයින් COVID-19 වසංගතයට ගොදුරු වූ අතර, එමඟින් රටවල් වසා දැමීමට හේතු වූ අතර සමාගම් සේවකයින්ට සම්පූර්ණයෙන්ම දුරස්ථව වැඩ කිරීමට සිදුවිය.

COVID-19 නිදහස් ආර්ථිකයට බලපා ඇත්තේ කෙසේද යන්න සහ ගෝලීය නිදහස් සේවකයින් දිගු කාලීන හා කෙටි කාලීනව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන දේ තේරුම් ගැනීමට මා ලොව විවධ ආයතන වලින් එළි දක්වා ඇති වාර්ථා නිරීක්ෂණය කලෙමි. එම වාර්තා අනුව ලොව පුරා නිදහස් සේවකයින් පිළිබඳ සමීක්ෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර ගෝලීය ආර්ථිකයේ සමස්ත මන්දගාමිත්වය හේතුවෙන් ඉල්ලුමේ මූලික අඩුවීමක් ඔවුන්ට දැනෙමින් තිබියදීත්, ඉල්ලුම නැවත ඉහළ යනු ඇතැයි ඔවුන් සුබවාදීව සිටි බව අනාවරණය විය.

ලෝකයේ උණුසුම්ම නිදහස් වෙළඳපොලවල් හතරක් (ඉන්දියාව, පාකිස්තානය, යුක්රේනය සහ එක්සත් ජනපදය) ලෝකයේ වෙනස්වන යථාර්ථයන්ට මෙම වෙළඳපලවල නිදහස් ආර්ථිකය ප්‍රතිචාර දක්වා ඇති ආකාරය පිළිබඳ විමසීසා බලමු.

නිදහස් වෘත්තීය අනාගතය දීප්තිමත් වන අතර ගෝලීය වශයෙන් ඉල්ලුම ඉහළ යමින් පවතින බව ඉහත ප්‍රස්ථාරය ඇසුරින් ඔබට පැහැදිළි වනු ඇත.

ලෝකයේ සහ ලංකාවේ COVID-19 හමුවේ බොහෝ රැකියාවන් අර්බුදයකට ලක්වී ඇති මොහොතක තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ගොඩනැගෙන වෘත්තිකයින් හට පැහැදිළි සහ සුභවාදී අනාගතයක් නිර්මාණය වීම පිළිබඳ පෙරමඟ සලකුණු දැකිය හැකිය.

S.A. හර්ෂ සඳරුවන් සුරිආරච්චි
අධ්‍යක්ෂ - වයඹ නැණසල