ලෝකයේ සමස්ත ජයග්‍රහණය බිලියන 7.8 කට ආසන්නය (7,796,949,710) ඉන් බිලියන 5 කට ආසන්න පිරිසක් (4,929,926,187) අන්තර්ජාලය භාවිතාකරනු ලබයි. ශ්‍රී ලංකාව ගත්කල ශ්‍රීලංකාවේ ජනග්‍රහණය මිලියන 21.37 කි ඉන් මිලියන 10.10 අන්තර්ජාලය භාවිතා කරති. එනම් ජනග්‍රහණයෙන් 47% ක් අන්තර්ජාලය භාවිතා කරනු ලබයි.
අප අන්තර්ජාලය භාවිතා කිරීමේ දී අපට අවශ්‍ය තොරතුරු සොයා ගැනීම සඳහා Search Engine භාවිතා කරනු ලබයි. ලෝකයේ භාවිතා කරනු ලබන ජනප්‍රිය Search Engine කිහිපයක් ඇත. එවා නම් Google, Bing, yahoo, Baidu, DuckDuckgo, Yandex යනාදිය හැදින්විය හැකිය. මෙවා අතරින් ඔබ මා ඇතුළු ලෝකයේ අන්තර්ජාලය භාවිතා කරන පිරිසෙන් 92.26% ක්ම භාවිතා කරනු ලබන්නේ Google Search Engine එකයි. එහෙත් මෙම Google Search Engine එක භාවිතා කරමින් අපට අවශ්‍ය දේ නිවැරදිව සොයා ගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති බව පෙනේ. ඒ නිසාම මේ ලිපිය ඔබට වඩාත් වැදගත් වනු ඇත.
මිලියන ගණනක් දෙනා විවිධ හේතුන් මත දිනපතා Google Search Engine එක භාවිතා කරති. සිසුන් එය අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කරයි, ව්‍යාපාරිකයින් වෙළඳපළ තොරතුරු දැන ගැනීමට හා ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැන ගැනීමට භාවිතා කරයි, තවත් මිලියන ගණනක් එය විනෝදාස්වාදය සඳහා භාවිතා කරයි. නමුත් බොහෝ දෙනා දිනපතා ම මෙම Search Engine එක භාවිතා කලත් එහි ඇති හැකියාවන් පිළිබඳ හරි අවබෝධයක් නොමැති බව පෙනේ. මේ ලිපිය තුළින් මා කතා කරනු ලබන්නේ ඔබට සෙවීමට අවශ්‍ය දේ Google Search Engine එක භාවිතා කර ඉතාමත් පහසුවෙන් කර ගත හැකි ආකාර කිහිපයක් පිළිබඳව.