IT යහමඟ අන්තර්ජාල වැඩමුළුව

පවතින කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාසල් දරුවන්, විද්‍යාර්ථීයන් හා උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂාවන් මෙන්ම විවිධ වෘත්තිකයින්ට ද අන්තර්ජාලය, දුරකථනය, පරිගණකය ආදී වූ තොරතුරු තාක්ෂණික මෙවලම් අද වන විට කුමන තරාතිරමේ කෙනෙකුට උවද අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. තම දෛනික කටයුතු ඉටු කර ගැනීම සඳහා අන්තර්ජාල භාවිතය අද වන විට සාමාන්‍ය කරණය වෙමින් පවතින ආකාරයක් දක්නට ලැබේ.  විශාල වශයෙන් පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සදහා නිරන්තරයෙන් අන්තර්ජාලය තුළ සැරිසැරීමට සිදුව ඇත.

අන්තර්ජාලය භාවිතයේ දී විදීමත්  දැනුමක් හා ආරක්ෂාකාරී පියවරයන් පිළිබඳ පූර්ව අවබෝධයක් නොමැතිව අනපේක්ෂිත මොහොතක ඒ සඳහා යොමු වීමට සිදුවීම හේතුවෙන් බොහෝ දෙනෙක් මහත් වූ අපහසුතාවයන්ට පත්ව ඇති බව අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.

මෙවැනි හේතු නිසාම මීට වසර කිහිපයක සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හා මඟ පෙන්වීම යටතේ සර්වෝදය ෆියුෂන් ආයතනය තොරතුරු තාක්ෂණයේ යහ මඟ කියාදෙන අයි ටී යහමග වැඩසටහන ආරම්භ කරන ලදී. එම වැඩසටහන මේ වන විට දිවයින පුරා පාසල් 100  ක පමණ ක්‍රියාත්මක කර ඇති අතර සිසුන් 25000 ක් පමණ ඒ සඳහා සහභාගී වී ඇත.

ඒ අනුව මෙම වැඩසටහන කාලයේ අවශ්‍යතාව අනුව අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම වැඩසටහනේ දී පහත කරුණු පිළිබඳ ව සාකච්ඡා කෙරෙයි.

  • අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි අපගේ දියුණුවට යොදා ගන්නේ කෙසේ ද?
  • අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේ ද?
  • අන්තර්ජාලය ඔස්සේ රජයේ තොරතුරු සේවාවන් ලබාගන්නේ කෙසේ ද?
  • ඉලෙක්ට්‍රොනික වෙළදාම හා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නේ කෙසේ ද?
  • අන්තර්ජාලය හා ෆේස්බුක් භාවිතයේ දී අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී පියවරයන් මොනවා ද?

ඉහත ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු මෙම වැඩසටහනට සහභාගී වන ඔබට ලැබෙනු ඇත.

නොමිලේ පවත්වන පැය 01ක වැඩසටහනක් වන මෙම වැඩසටහන ඔබට/ ඔබගේ දරුවාට වැදගත් යැයි හැගේනම් ඒ සඳහා සහභාගී වීම සඳහා ඔබ කළ යුතු වන්නේ මෙහි ඇති පෝරමය පිරවීම පමණයි.